[tor-commits] [translation/tsum_completed] Update translations for tsum_completed

translation at torproject.org translation at torproject.org
Mon Jun 3 15:45:18 UTC 2013


commit 2e627ecb25b35ab8c44aa961b5ff240d23ba6cd1
Author: Translation commit bot <translation at torproject.org>
Date:   Mon Jun 3 15:45:17 2013 +0000

    Update translations for tsum_completed
---
 si_LK/short-user-manual_si_LK_noimg.xhtml |  132 +++++++++++++++++++++++++++++
 1 file changed, 132 insertions(+)

diff --git a/si_LK/short-user-manual_si_LK_noimg.xhtml b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
new file mode 100644
index 0000000..677bf85
--- /dev/null
+++ b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
@@ -0,0 +1,132 @@
+<html xmlns="http://www.w3.org/1999/xhtml">
+  <head>
+    <meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8"/>
+    <title/>
+  </head>
+  <body>
+    <h1 id="the-short-user-manual">කෙටි පරිශීලක සංග්‍රහය </h1>
+    <p>මෙම  පරිශීලක සංග්‍රහය මගින් Tor භාගත කරගන්නා ආකාරය, එය භාවිත කරන ආකාරය සහ Tor ජාලයට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් කුමක් කලයුතුද යන්න විස්තර කෙරේ.ඔබට ඔබගේ ප්‍රශ්නයට විසදුමක් මෙම සංග්‍රහය තුල නැත්නම් විද්‍යුත් ලිපියක් යොමු කරන්න මෙම ලිපිනයට help at rt.torproject.org.</p>
+    <p>අපි සහය දක්වන්නේ ස්වේච්ඡාවෙන් බවද දිනකට අපිට විද්‍යුත් ලිපි ගණනාවක් ලැබෙන බවද සිහිතබා ගන්න. ක්ෂණයෙන් ඔබට පිළිතුරු දීමට නොහැකි වුනොත් ඔබ කණගාටු වියයුතු නොවේ.</p>
+    <h2 id="how-tor-works">Tor වැඩ කරන ආකාරය </h2>
+    <p>Tor යනු අතත්‍ය උමග ජාලයක් වන අතර එය ඔබගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අන්තර්ජාලය තුල දියුණු කරනු ඇත. Tor වැඩ කරන්නේ ඔබගේ ඉල්ලීම වෙනස් සේවාදායකයන් 3 ක් තුලින් යැවීම මගින් වන අතර ( <em>ප්‍රතියෝජක</em>) , ඒ එම ඉල්ලීම පොදු අන්තර්ජාලයට යැවීමට පෙරය.</p>
+    <p>ඉහත ඡායාරුපය මගින් යමෙක් Tor භාවිතයෙන් විවිධ වෙබ්සයිට්හි සැරිසරන ආකාරය දිස්වේ. කොළපැහැති තිර Tor ජාලයේ ප්‍රතියෝජක නිරුපනය කරන අතර යතුරු තුන භාවිත කරන්නා සහ ප්‍රතියෝජකය අතර සංකේතන ස්තර නිරුපනය කරයි.</p>
+    <p>Tor මගින් ඔබගේ ගනුදෙනු නිර්ණාමික කරන අතර එය මගින් ඔබ සහ Tor ජාලය අතර සියලු දේ සංකේතනය කරයි. Tor ජාලය තුල ගනුදෙනුද Tor විසින් සංකේතනය කරනු ලබන අතර එනමුදු අවසාන ගමනාන්තය සහ Tor ජාලය අතර ගනුදෙනු සංකේතනය නොකරනු ලැබේ. </p>
+    <p>ඔබ සංවේදී තොරතුරු සන්නිවේදනය කරයි නම් , උදාහරණයක් ලෙස ඔබ යම් වෙබ් අඩවියකට පරිශීලක නාමයක් සහ මුරපදයක් භාවිතයෙන් ලොග් වීමේදී  ඔබ HTTPS භාවිතා කරන බව තහවුරු කර ගන්න(e.g. <strong>https</strong>://torproject.org/, not <strong>http</strong>://torproject.org/).</p>
+    <h2 id="how-to-download-tor">Tor භාගත කරන්නේ කෙසේද </h2>
+    <p>අපි භාවිතා කරන්නට අනුමත කරන කට්ටලය වන්නේ<a href="https://www.torproject.org/projects/torbrowser.html">Tor බ්‍රවුසර කට්ටලය</a>. මෙම කට්ටලය තුල පෙර වින්‍යසගත බ්‍රවුසරයක් අඩංගු වන අතර එයට ස්ථාපනය කිරීමක් අවශ්‍ය නැත. ඔබ එම කට්ටලය භාගත කරගෙන සංරක්ෂිත දෑ උපුටා Tor ආරම්භ කරන්න.</p>
+    <p>තාවකාලිකව Tor නැවැත්විය හැකි ආකාර දෙකක් පවතී. ඔබට Tor ව්‍යාපෘති වෙබ් පිටුවට පිවිස. <a href="https://www.torproject.org/">Tor ව්‍යාපෘති වෙබ් පිටුව</a> භාගත කර ගතහැක. එසේ නොමැති නම් GetTor, විද්‍යුත් ලිපි ස්වයංක්‍රීය ප්‍රතිචාරකය භාවිතා කල හැක.</p>
+    <h3 id="how-to-get-tor-via-email">විද්‍යුත් ලිපි හරහා Tor ලබන්නේ කෙසේද </h3>
+    <p>ඉංග්‍රීසි Tor  බ්‍රවුසර කට්ටලය Windows සදහා ලබා ගැනීමට, විද්‍යුත් ලිපියක් යොමු කරන්න gettor at torproject.org වෙත <strong>windows</strong> ලෙස පණිවිඩයේ බද කොටසේ සටහන් කරන්න. විද්‍යුත් ලිපියේ නම ලෙස කිසිවක් සටහන් කල යුතු නැත.</p>
+    <p>Mac OS X සදහා Tor බ්‍රවුසර කට්ටලය ඉල්ලා සිටිය හැකිය (write <strong>macos-i386</strong>), එමෙන්ම Linux (write <strong>linux-i386</strong> 32-bit  පද්ධති සහ <strong>linux-x86_64</strong> 64-bit පද්ධති සදහා).</p>
+    <p>ඔබට Tor හි පරිවර්තිත සංස්කරණය අවශ්‍ය නම්, ලියන්න<strong>උදවු</strong> වෙනුවට. එවිට ඇති භාෂා ලැයිස්තුව උපදෙස් සමග ඔබට විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත.</p>
+    <p><strong>සටහන</strong>: Linux සහ Mac OS X සදහා Tor බ්‍රවුසර කට්ටල ප්‍රමාණයෙන් විශාල බැවින් Gmail, Hotmail or Yahoo ගිණුම් හරහා මෙ කිසිවක් නොලැබෙනු ඇත. ඔබට අවශ්‍ය කට්ටලය ලබාගත නොහැකි නම් help at rt.torproject.org යන ලිපිනයට විද්‍යුත් ලිපියක් යොමු කරන්න, එවිට අපි ඔබට කට්ටලය ලබාගත හැකි වෙබ් සයිට ලැයිස්තුවක් ඔබට එවනු ඇත.</p>
+    <h3 id="tor-for-smartphones">Smartphones සදහා Tor </h3>
+    <p>Tor ඔබගේ Android උපාංගයට මෙම පැකේජය ස්ථාපනය කරන්න <em>Orbot</em>. Orbot භාගත කර ගන්නා ආකාරය පිලිබදව සහ ස්ථාපනය කරගන්නා අකාරය පිළිබද වැඩිවිස්තර සදහා , කරුණාකර බලන්න <a href="https://www.torproject.org/docs/android.html.en">Tor ව්‍යාපෘති වෙබ් සයිටය</a>.</p>
+    <p>අපගේ පරීක්ෂණාත්මක පකෙජද පවතී.<a href="https://www.torproject.org/docs/N900.html.en">Nokia Maemo/N900</a> සහ<a href="http://sid77.slackware.it/iphone/">Apple iOS</a>.</p>
+    <h3 id="how-to-verify-that-you-have-the-right-version">ඔබ ලග නිවැරදි සංස්කරණය ඇත්දැයි තහවුරු කරගන්නේ කෙසේද </h3>
+    <p>Tor බ්‍රවුසර කට්ටලය ක්‍රියාත්මක කිරීමට පෙර , ඔබ සතුව නිවැරදි සංස්කරණය ඇත්දැයි තහවුරු කර ගන්න.</p>
+    <p>කට්ටලය හා දිගුවට සමාන නමක් ඇති ගොනුවක් මෙම මෘදුකාංගයට සබැදී ලැබී ඇත<strong>.asc</strong>. මෙම  .asc ගොනුව GPG අත්සන, එමගින් ඔබට භාගත කරගන්නා ගොනුව ඔබට අවශ්‍යම එකද යන්න ස්ථිරවම තහවුරු කර ගන්න.</p>
+    <p>ඔබ අත්සන තහවුරු කරගැනීමට පෙර ඔබ GnuPG භාගත කර ස්ථාපනය කල යුතුය:</p>
+    <p><strong>Windows</strong>: <a href="http://gpg4win.org/download.html">http://gpg4win.org/download.html</a><br/><strong>Mac OS X</strong>: <a href="http://macgpg.sourceforge.net/">http://macgpg.sourceforge.net/</a><br/><strong>Linux</strong>: බොහෝවිට  Linux,  GnuPG පෙර ස්ථාපනය කර පැමිණේ.</p>
+    <p>ඔබේ පද්ධතිය තුල එය වැඩ කරවා  ගැනීමට සමහරවිට ඔබට පෙත සහ යොදාගත් සමහර විධාන වෙනස් කිරීමට සිදුවිය හැකි බව කරුණාකර සිහිතබා ගන්න.</p>
+    <p>Erinn Clark Tor බ්‍රවුසර කට්ටලය 0x63FEE659 යතුර මගින් අත්සන් කරන ලදී. Erinn ගේ යතුර ආනයනය කිරීමට, ක්‍රියාත්මක කරන්න:</p>
+    <pre>
+      <code>gpg --keyserver hkp://keys.gnupg.net  --recv-keys 0x63FEE659
+</code>
+    </pre>
+    <p>යතුර ආනයනය කිරීමෙන් අනතුරුව, අගිලි සලකුන නිවැරදිදැයි තහවුරු කර ගන්න: </p>
+    <pre>
+      <code>gpg  --fingerprint 0x63FEE659
+</code>
+    </pre>
+    <p>ඔබ බැලිය යුතුය:</p>
+    <pre>
+      <code>pub   2048R/63FEE659 2003-10-16
+      Key fingerprint = 8738 A680 B84B 3031 A630  F2DB 416F 0610 63FE E659
+uid                  Erinn Clark <erinn at torproject.org>
+uid                  Erinn Clark <erinn at debian.org>
+
+uid                  Erinn Clark <erinn at double-helix.org>
+sub   2048R/EB399FD7 2003-10-16
+</code>
+    </pre>
+    <p>ඔබ භාගත කල පැකේජයේ අත්සන තහවුරු කර ගැනීමට, පහත විධානය ක්‍රියාත්මක කරන්න:</p>
+    <pre>
+      <code>gpg --verify tor-browser-2.2.33-2_en-US.exe.asc tor-browser-2.2.33-2_en-US.exe
+</code>
+    </pre>
+    <p>ප්‍රථිපලය මෙසේ තිබිය යුතුය<em>"හොද අත්සනකි"</em>. දුර්වල අත්සනක් යනු එය බාහිර සන්රෝදධවලට ගොදුරු වූ ගොනුවක් යන්නයි. ඔබ දුර්වල අත්සනක් දුටුවහොත් එම පැකේජය භාගත ස්ථානය වැනි තොරතුරු, අත්සන තහවුරු කරගත් ආකාරය සහ GnuPG හි ප්‍රතිපලය help at rt.torproject.org වෙත විද්‍යුත් ලිපියක් යවන්න.</p>
+    <p>ඔබ අත්සන සත්‍යාපනය කර <em>"යහපත් අත්සන"</em> නිමැවුම දුටුවිට, පැකේජ සංරක්ෂිතය උදෘත කරන්න. ඔබ එවිට දැකීමට අවශ්‍ය වන්නේ <strong>tor-browser_en-US</strong> ට සමාන ඩිරෙක්ටරියකි.එම ඩිරෙක්ටරිය තුල වෙනත් ඩිරෙක්ටරියක් <strong>Docs</strong> ලෙසින් ඇත, එහි ගොනුවක් <strong>changelog</strong> යන්නෙන් අඩංගු වේ. ඔබ තහවුරු කල යුත්තේ changelog ගොනුවේ මුදුන් පේලියේ ඇති අනුවාද අංකය ගොනුනාමයේ ඇති අනුවාද අංකයට ගැලපේද යන්නය.</p>
+    <h3 id="how-to-use-the-tor-browser-bundle">Tor බ්‍රවුසර කට්ටලය භාවිත කරන්නේ කෙසේද </h3>
+    <p>Tor බ්‍රවුසර තොගය බාගත කිරීමෙන් පසුව සහ පැකේජය උදෘත කිරීමෙන් පසුව, ඔබට ගොනු කිහිපයක් සහිත ඩිරෙක්ටරියක් තිබිය යුතුය. එක ගොනුවක් ස්වයංක්‍රීයාත්මක ගොනුවක් වන අතර එය "Tor බ්‍රවුසරය අරඹන්න" යන්නෙන් හැදින්වේ (හෝ "අරඹන්න-tor-බ්‍රවුසරය", මෙය මෙහෙයුම් ක්‍රමලේඛ්ය මත පදනම් වේ).</p>
+    <p>ඔබ Tor බ්‍රවුසර තොගය ආරම්භ කල විට , ඔබට පළමුව විදාලියා ඇරබුම දර්ශනය වී Tor ජාලයට සබැදේ. ඉන්පසුව, ඔබ Tor පාවිච්චි කරන බව පෙන්වන බ්‍රවුසරයක් ඔබට දර්ශනය වේ. මෙය සිදුවන්නේ <a href="https://check.torproject.org/">https://check.torproject.org/</a> දර්ශනය කිරීමෙනි. ඔබට දැන් Tor මගින් අන්තර්ජාලය ගවේෂණය කල හැක.</p>
+    <p>
+      <em>ඔබ තොගය සමග පැමිණෙන බ්‍රවුසරය හැර ඔබගේ බ්‍රවුසරය පාවිච් නොකල යුතු බව, කරුණාවෙන් සලකන්න.</em>
+    </p>
+    <h3 id="what-to-do-when-tor-does-not-connect">Tor සම්බන්ධ නොවන විට කුමක් කල යුතුද </h3>
+    <p>Tor ජාලයට සම්බන්ධ වන විට සමහර පරිශීලකයන්ට පෙන්නුම්වන්නේ විදාලියා අවහිර වන බවය. මෙය සිදුවුවහොත්, ඔබ අන්තර්ජාලයට සබැදී සිටින බව තහවුරු කරගන්න. ඔබට නියුතු සේවාදයකයෙකුට සම්බන්ධ වීමට අවශ්‍ය නම්, බලන්න <em>නියුතු සේවාදායකයන් යොදාගන්නේ කෙසේද</em> පහතින්.</p>
+    <p>ඔබගේ සාමන්‍යය අන්තර්ජාල සබැදුම ක්‍රියා කරයි නම්, නමුත් Tor තවම ජාලයට සම්බන්ධ වීමට නොහැකි නම්, මෙය උත්සහ කරන්න; විදාලියා පාලක පුවරුව විවෘත කරන්න, ක්ලික් කරන්න <em>පණිවුඩ ලොගය</em> මත සහ තෝරාගන්න <em>උත්ශ්‍රෙනිගත</em> පටිත්ත. Tor සබැදීමට නොහැකි විය හැක්කේ:</p>
+    <p><strong>ඔබගේ ක්‍රමලේඛ ඔරලෝසුව අක්‍රියයි</strong>: ඔබගේ ක්‍රමලේඛ්යේ දිනය සහ වේලාව නිවරදි බව තහවුරු කරගන්න, සහ Tor නැවත අරභන්න. ඔබට ඔබේ ක්‍රමලේඛ්යේ ඔරලෝසුව අන්තර්ජාල වේලා සේවාදායකයෙක් සමග සමකාල කල යුතුය.</p>
+    <p><strong>ඔබ වාරණගත ෆයර්වෝල් එකක පිටුපස සිටි</strong>: Tor වෙත 80 පොර්ටයට සහ 443 පොර්ටයට පමණක් උත්සහ කලයුතුයි යන්න පැවසීමට, විදාලියා පාලක පුවරුව විවෘත කර, ක්ලික් කරන්න <em>සිටුවම්</em> සහ <em>ජාල</em> මත, ඉන්පසු සලකුණු කල යුත්තේ <em>මාගේ ෆයර්වෝල් එක සබැදීමට අවසර දෙන්නේ සමහර පොර්ටයන්ට පමණයි</em> යන්න අඩංගු කොටුවය.</p>
+    <p><strong>ඔබගේ වයිරස් වාරණ ක්‍රමලේඛ්ය Tor අවහිර කරයි</strong>: ඔබගේ වයිරස් වාරණ ක්‍රමලේඛ්ය Tor හට ජාල සම්බන්ධතා ගොඩනැගීම අවහිර නොකරන බවට වග බලාගන්න.</p>
+    <p>Tor තවමත් ක්‍රියා නොකරයි නම්, ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) Tor අවහිර කිරීම හේතු වියහැක. බොහෝවිට මෙය විසදිය හැක්කේ <strong>Tor සේටු</strong>, අවහිර කිරීමට අපහසු සැගවුණු ප්‍රතියෝජක වලිනි.</p>
+    <p>ඔබට Tor සැබදෙන්නේ නැත්තේ ඇයි යන්න සොයාගැනීමට උපකාර අවශ්‍ය නම්, help at rt.torproject.org ට විද්‍යුත් තැපැලක් ඒවා එහි ලොග් ගොනුවේ අදාල කොටස් අන්තර්ගත කරන්න.</p>
+    <h3 id="how-to-find-a-bridge">සේතුවක් සොයාගන්නේ කෙසේද </h3>
+    <p>සේටුවක් පාවිච්චි කිරීමට, ඔබට ප්‍රථමව එකක් සොයාගත යුතුය; ඔබ <a href="https://bridges.torproject.org/">bridges.torproject.org</a> යන්නෙන් සෙවිය හැක, හෝ ඔබ විද්‍යුත් තැපැලක් bridges at torproject.org වෙත යැවිය හැක. ඔබ විද්‍යුත් තැපැලක් යැවුවහොත්, ඔබ ලිවිය යුතු බවට වග බලා ගත යුතු වන්නේ <strong>get bridges</strong> යන්න තැපෑලේ බද කොටසේය. මෙය නොමැතිව, ඔබට ප්‍රතිචාරයක් නොලැබෙනු ඇත. ඔබ මෙය gmail.com හෝ yahoo.com ලිපිනයකින් යැවිය යුතු බව සලකන්න.</p>
+    <p>එක සේටු ලිපිනයක් වින්‍යාස කිරීම ඔබේ Tor සබැදුම වඩා ශක්තිමත් කරන්නේ, සමහර සේටු ප්‍රවිෂ්ට වීමට නොහැකි නිසාය. ඔබ අද දින පාවිච්චි කරනා සේටු හෙට දවසේ ක්‍රියා කරයි යන්න තහවුරු කල නොහැක, එමනිසා ඔබ ඔබේ සේටු ලැයිස්තුව යාවත්කාලීන කිරීමේ පුරුද්දක් ඇති කරගත යුතුය. </p>
+    <h3 id="how-to-use-a-bridge">සේතුවක් භාවිත කරන්නේ කෙසේද </h3>
+    <p>ඔබට පාවිච්චි කිරීමට සේටු කිහිපයක් ඇතිවිට, විදාලියා පාලක පැනලය විවෘත කර, ක්ලික් කරන්න <em>සිටුවම්</em>, <em>ජාල</em>මත සහ සලකුණු කල යුත්තේ <em>මාගේ ISP Tor ජාලයට වන සබැදුම් අවහිර කරයි</em> යන්න අඩංගු කොටුවය. පහත කොටුවේ සේටු ඇතුලත් කරන්න, <em>හරි</em> යන්න ඔබා Tor නැවත අරඹන්න.</p>
+    <h3 id="how-to-use-an-open-proxy">විවෘත සේවාදායකයෙක් භාවිතා කරන්නේ කෙසේද </h3>
+    <p>සේටුවක් පාවිච්චි කිරීම උචිත නොවේනම්, Tor හට ඕනෑම HTTPS සහ සොකට්ටු නියුතු සේවාදායකයක් Tor ජාලයට ප්‍රවිෂ්ට වීමට හැකි වන පරිදි වින්‍යාස කිරීමට උත්සහ කරන්න. එනම් Tor පෙදෙසිගත ජාලය මගින් අවහිර කර ඇති වුවද, විවෘත නියුතු සේවාදායකයන් ආරක්ෂිතව Tor ජාලයට සහ වරණ නැති අන්තර්ජාලයට සබැදීමට හැක.</p>
+    <p>පහත පියවර උපකල්පනය කරන්නේ ඔබට මෙහෙයුම් Tor/විදාලියා වින්‍යාසය ඇති බව, සහ ඔබ HTTPS, 4සොකට්ටු, 5සොකට්ටු නියුතු සේවාදායකයන් සහිත ලැයිස්තුවක් ලැබී ඇති බවය.</p>
+    <ol style="list-style-type: decimal">
+      <li>විදලියා පාලක පැනලය විවෘත කර <em>සිටුවම්</em> මත ක්ලික් කරන්න.</li>
+      <li>ක්ලික් කරන්න <em>ජාලය</em>. තෝරන්න <em>අන්තරජාලයේ සැරිසැරීමට මම proxy එකක් භාවිතා කරයි</em>.</li>
+      <li><em>ලිපිනයේ</em> විවෘත proxy ලිපිනය ඇතුළත් කරන්න.  මෙය සත්කාරක නාමයක් හෝ IP ලිපිනයක් විය හැකිය.</li>
+      <li>සේවාදායකයාට පෝර්ටය ඇතුළත් කරන්න.</li>
+      <li>සාමාන්‍යයෙන්, ඔබට පරිශීලක නාමයක් හෝ මුර පදයක් අවශ්‍ය නැත. අවශ්‍ය නම්, අදාල ස්ථානවල තොරතුරු ඇතුළත් කරන්න.</li>
+      <li>තෝරන්න<em>වර්ගය</em> ඔබ භාවිතාකරන proxy ය,  HTTP/HTTPS, SOCKS4, or SOCKS5 වුවත්.</li>
+      <li>තද කරන්න<em>OK</em> බොත්තම. විදාලියා සහ Tor දැන් Tor ජාලය proxy එකක් හරහා ලගාකරදීමට දැන් වින්‍යසගත කර ඇත..</li>
+    </ol>
+    <h2 id="frequently-asked-questions">නිතරම අසන ප්‍රශ්න </h2>
+    <p>මෙම කොටස බොහෝවිට ඇසෙන ප්‍රශ්න රැසකට පිළිතුරු සපයයි. ඔබගේ ප්‍රශනය මෙහි සදහන් නොවේනම්, කරුණාකර විද්‍යුත් තැපැලක් help at rt.torproject.org වෙත එවන්න.</p>
+    <h3 id="unable-to-extract-the-archive">Unable to extract the archive</h3>
+    <p>ඔබ වින්ඩෝස් පාවිච්චි කරන අතර සංරක්ෂිතය උදෘත කිරීමට නොහැකි බව වැටහේ නම්, බාගත කර ස්ථාපිත කරන්න <a href="http://www.7-zip.org/">7-Zip</a>.</p>
+    <p>ඔබට 7-Zip බාගත කිරීමට නොහැකි නම්, ගොනුව නාම ගැන්වීමේදී .z සිට .zip ට උත්සහ කර winzip පාවිච්චි කර සංරක්ෂිතය උදෘත කරන්න. ගොනුව නැවත නාම ගැන්වීමට ප්‍රථම, වින්ඩෝස් වෙත ගොනු දිගුව පෙන්වන ලෙස කියන්න:</p>
+    <h4 id="windows-xp">Windows XP</h4>
+    <ol style="list-style-type: decimal">
+      <li><em>My Computer</em> විවෘත කරන්න </li>
+      <li>ක්ලික් කරන්න <em>මෙවලම්</em> සහ තෝරන්න <em>ෆෝල්ඩර් විකල්ප...</em> මෙනුව හි</li>
+      <li><em>View</em> ටැබය මත ක්ලික් කරන්න </li>
+      <li>සලකුණු නැතිකරන්න <em>දන්නා ගොනු වර්ග සදහා දිගු සගවන්න</em> සහ ක්ලික් කරන්න <em>හරි</em></li>
+    </ol>
+    <h4 id="windows-vista">Windows Vista</h4>
+    <ol style="list-style-type: decimal">
+      <li><em>Computer</em> විවෘත කරන්න </li>
+      <li>ක්ලික් කරන්න <em>සංවිධානය කරන්න</em> සහ තෝරන්න <em>ෆෝල්ඩර සහ සෙවුම් විකල්ප</em> මෙනුවෙහි</li>
+      <li><em>View</em> ටැබය මත ක්ලික් කරන්න </li>
+      <li>සලකුණු නැතිකරන්න <em>දන්නා ගොනු වර්ග සදහා දිගු සගවන්න</em> සහ ක්ලික් කරන්න <em>හරි</em></li>
+    </ol>
+    <h4 id="windows-7">Windows 7</h4>
+    <ol style="list-style-type: decimal">
+      <li><em>Computer</em> විවෘත කරන්න </li>
+      <li>ක්ලික් කරන්න <em>සංවිධානය කරන්න</em> සහ තෝරන්න <em>ෆෝල්ඩර සහ සෙවුම් විකල්ප</em> මෙනුවෙහි</li>
+      <li><em>View</em> ටැබය මත ක්ලික් කරන්න </li>
+      <li>සලකුණු නැතිකරන්න <em>දන්නා ගොනු වර්ග සදහා දිගු සගවන්න</em> සහ ක්ලික් කරන්න <em>හරි</em></li>
+    </ol>
+    <h3 id="vidalia-asks-for-a-password">විදලියා මුරපදයක් අසයි </h3>
+    <p>විදාලියා අරබන විට ඔබට මුරපදයක් ඇතුලත් නොකල යුතුය. ඔබ එකක් සදහා ප්‍රේරක වුනි නම්, ඔබ මෙම ගැටළු වලින් එකකට මුහුණදිය හැක:</p>
+    <p><strong>ඔබ දැනටමත් විදාලියා සහ Tor විචල්‍ය කරයි</strong>: උදාහරණයක් ලෙස, මෙම අවස්ථාව ඇතිවිය හැක්කේ ඔබ විදාලියා තොගය ස්ථාපිත කර දැන් ඔබ Tor බ්‍රවුසර තොගය විචල්‍ය කිරීමට උත්සහ කරන විටය. මෙවිට, ඔබට මෙය විචල්‍ය කිරීමට ප්‍රථම පැරණි විදාලියා සහ Tor වැසීමට සිදුවනු ඇත.</p>
+    <p><strong>විදාලියා අඩාල විය, නමුත් Tor විචල්‍ය වීමට ඉඩ හැර ඇත</strong>: පාලක මුරපදයක් සදහා ප්‍රේරක කරන සංවාදයේ නැවත සකස් කරන බොත්තමක් ඇත්නම්, ඔබට එම බොත්තම එබීමෙන් විදාලියා Tor නව අහඹු පාලක මුරපදයක් සමග නැවත අරඹනු ඇත. ඔබ නැවත සකස් කරන බොත්තම නොදුටුවෙනම්, හෝ විදාලියා හට Tor නැවත ඇරභීමට නොහැකි නම්; ඔබගේ ක්‍රියාවලි සහ කාර්ය කළමනාකාරිත්වයට ගොස් , Tor ක්‍රියාවලිය නවත්වන්න. ඉන් පසු විදාලියා පාවිච්චà
 ·’ කà¶
 » Tor නැවත අරඹන්න. </p>
+    <p>වැඩි විස්තර සදහා<a href="https://torproject.org/docs/faq.html#VidaliaPassword">FAQ</a>Tor Project වෙබ් සයිට් එක බලන්න.</p>
+    <h3 id="flash-does-not-work">Flash වැඩ කරන්නේ නැත </h3>
+    <p>ආරක්ෂණ හේතු නිසා, Flash, Java, සහ වෙනත් පේනු මෘදුකාංග Tor වෙත කාලීනව අබල කර ඇත. පේනු මෘදුකාංග ෆයර්ෆොක්ස් වලින් නිදහස්ව ක්‍රියාකරන අතර ඔබගේ නිර්නාමිකත්වය විනාශ කරන කාර්යයන් ඔබගේ පරිඝනකයේ කල හැක.</p>
+    <p>බොහෝ YouTube වීඩියෝ HTML5 සමග ක්‍රියාකරයි, Tor තුලින් මේවා බැලීම කල හැකිය. ඔබ මුලින්ම <a href="https://www.youtube.com/html5">HTML5 trial</a> HTML5 player භාවිතා කිරීමට පෙර YouTube සමග සම්බන්ධ විය යුතුය..</p>
+    <p>බ්‍රවුසරය ඔබ ට්‍රයලයට බැදුණු බව එය වැසීමෙන් පසු මතකයේ නැති වී යයි, එමනිසා ඔබ Tor බ්‍රවුසර තොගය විචල්‍ය කරන අනෙක් අවස්ථාවේ ට්‍රයලයට නැවත බැදීම සිදු කල යුතුය. </p>
+    <p>කරුණාකර බලන්න <a href="https://www.torproject.org/torbutton/torbutton-faq.html#noflash">Torbutton FAQ</a> වැඩිදුර තොරතුරු සදහා.</p>
+    <h3 id="i-want-to-use-another-browser">මට වෙනත් බ්‍රවුසරයක් භාවිතා කිරීමට අවශ්‍යය </h3>
+    <p>ආරක්ෂණ හේතු නිසා, අප නිර්දේශ කරන්නේ ඔබ අන්තර්ජාලය සැරිසැරීමේදී Tor පාවිච්චි කරමින් Tor බ්‍රවුසර තොගය පමණක් යොදා ගත යුතු බවය. Tor අනෙක් බ්‍රවුසර් සමග පාවිච්චි යාන්ත්‍රිකව කල හැකි දෙයක් වන අතර, නමුත් එසේ කිරීමෙන් ඔබ තර්ජන වලට මුහුණ දිය හැක. </p>
+    <h3 id="why-tor-is-slow">ඇයි Tor වේගවත් නොවන්නේ </h3>
+    <p>Tor ඔබේ සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතා වලට වඩා සෙමින් විය හැක. කෙසේවෙතත්, ඔබගේ සබැදුම විවිධ රටවල් ගණනාවක් ඔස්සේ, සමහර විට ලෝකය වටා ඇති මුහුදු හරා වුවද යවනු ලැබේ!</p>
+  </body>
+</html>



More information about the tor-commits mailing list